පාස්කු නඩුවේ වැරදිකරුවන් 04ක් අතුළු හයදෙනෙකුට පවරා ඇති නඩුව දිනපතා විභාග කිරීමට තීරණයක්

සහරාන් හෂිම් ඇතුළු මුස්ලිම් ආගමික අන්තවාදීන් සමඟ එක්ව 2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැස්කර තැබීම ඇතුළු චෝදනා යටතේ අබු හනීෂා මොහොමඩ් මුසීත් හෙවත් අබු දහිදා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ලබන සඳුදා දින සිට දිනපතා විභාග කරන ලෙස විනිසුරු මඩුල්ල අද (28) නියෝග කළා.

ඒ, අනුව හෙට (29) දින නඩුව කැඳවීමෙන් අනතුරුව ලබන ඔක්තෝබර් 05 වනදා සිට නඩුව දිනපතා කැඳවීමට නියමිතයි.

මෙම නඩුව ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා නයෝමි වික්‍රමසේකර යන ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ල හමුවේදී කැඳවනු ලබනවා.

එහිදි අදාළ කාරණයට අදාළ ලේඛන තමන්ට ලැබී නොමැති බව 4 වන සහ 6 වන විත්තිකරුවන් අධිකරණයට දැනුම් දුන්නා.

මීට පෙර එම විත්තිකරුවන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි අතර, ඉකුත් 22 වනදා පාස්කු මහ නඩුවෙන් වරදකරුවන් බවට පත වූ නිසා ඔවුන් කොළඹ වැලිකඩ බන්ධනාගාරයට මරු කර යව තිබෙනවා.

එහිදි ඔවුන්ගේ ලිපිගොනු ගෙනයාමට නොහැකිව ඇති බවයි අනාවරණය වුණේ.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල බන්ධනාගාර අධිකාරියට නියෝග කළේ වහාම හෙට දිනය තුළ ඒම ලේඛන විත්තිකරුවන් දෙදෙනාට ලැබෙන්නට සලස්වන ලෙසයි.

2018 වසරේ පුපුරණ ද්‍රාව්‍ය ලෙස සැලකෙන නයිට්‍රේට් තොගයක්, ජීව උණ්ඩ දොළහක්, ගිනි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නයිට්‍රජන් ඇසිඩ් සහ යූරියා තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

අබු හනීෆා මොහොමඩ් මුසිෆ්, අමිර් හමසා මොහොමඩ් හමාස්, මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ , මෙහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මෙහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් ඇතුළු පාස්කු මහ නඩුවේ ද චූදිතයින් සිව්දෙනෙකු ද ඇතුළු හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ⁣අධිචෝදනා 14ක් යටතේ මෙම නඩුව පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27