Fly high Get bonus Aviator Phone

පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන ආශ්‍රිතව ආරක්‍ෂාව තහවුරු කිරීමට උපදෙස්

පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවල දී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (17) දින මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පවත්වමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ද ආරක්‍ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් දන්වා සිටියා.

2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුළ පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?