වැඩතහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කථානායවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකාබැලීම මේ මස 17 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (06) නියම කරනු ලැබුවා.
අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
අද (06) දිනයේ දී පෙත්සාම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කළ අතර, ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නොවැම්බර් 17 දක්වා කල් තැබීමට නියෝග කළා.










