පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ වැඩතහනම් කිරීමට එරෙහි පෙත්සම හෙට විභාගයට

පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්නගේ වැඩ තහනම් කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට දින කැදවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ගේ වැඩතහනම් කර ඇති බවට චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු සලකා බැලීම සඳහා හෙට දින කැදවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට නියමිතයි.