පාකිස්තානය ගැන ඇමෙරිකාවට සැකයක්

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදන මාර්ගයක් ලෙස පෙනී සිටින අතරතුර, ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් ඉරාන හමුදා ගුවන් යානා තම ගුවන් පථවල රහසිගතව නතර කර තැබීමට ඉඩ දී ඇති බවට මේ වනවිට පාකිස්ථානයට බරපතල චෝදනාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, ඉකුත් අප්‍රේල් මාසයේ දී ඉරානය තම සිවිල් ගුවන් යානා ද අසල්වැසි ඇෆ්ගනිස්ථානයේ නතර කර තැබීම සඳහා යවා තිබෙන බවයි.

එම ගුවන් යානා අතර හමුදා යානා ද තිබුණේ ද යන්න පැහැදිලි නැති බව අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් CBS පුවත් සේවය වාර්තා කරනවා.

CBS News සමඟ අදහස් දක්වා ඇති එම ඇමරිකානු නිලධාරීන් පවසා ඇත්තේ, පසුගිය අප්‍රේල් මුලදී ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසු, පකිස්ථානයේ උපායමාර්ගිකව වැදගත් මිලිටරි ස්ථානයක් වන නූර් ඛාන් ගුවන් හමුදා කඳවුර වෙත ටෙහෙරානය විසින් ගුවන් යානා කිහිපයක්ම එවා ඇති බවයි.

ඒ අතර ඉරාන ගුවන් හමුදාවට අයත් RC-130 වර්ගයේ ගුවන් යානයක් ද තිබූ බව සඳහන්.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් පකිස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු CBS පුවත් සේවය වෙත පවසා ඇත්තේ “නූර් ඛාන් කඳවුර පිහිටා තිබෙන්නේ නගරය මධ්‍යයේමයි, එහි විශාල ගුවන් යානා සමූහයක් නවතා තැබුවහොත් එය මහජන ඇසින් සැඟවිය නොහැකියි” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
13
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59