පළාත් හතක ඩෙංගු ව්‍යාප්තිය ඉහළට – 09 වනදා සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

වැසි තත්ත්වයත් සමඟ පළාත් හතක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.

බස්නාහිර, දකුණ, සබරගමුව ඌව, උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මෙලෙස ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි එම ඒකකය පැවසුවේ.

මේ අතර එළඹෙන 09 වනදා සිට 14 වනදා දක්වා දිස්ත්‍රික්ක 13ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවට සනුම් දෙන්නේ මදුරුවන් බෝවන පරිශ්‍ර විනාශකර දැමීමට කටයුතු කරන ලෙසයි.