Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පවන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම අර්ධ අවසන් තරගයට

නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාA කණ්ඩායම සමත් වුණා.

කටාර් හි පැවැත්වෙන මෙම තරගාවලියේ, ඊයේ (20) රාත්‍රියේ පැවති ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය අතර තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරාජයට පැතීමත් සමඟ ඔවුන් තරගාවලියේ ඉවත්ව ගියා.

ඒ අනුව, එම කාණ්ඩයේ පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් වටයට තේරී පත්වුණා.

තරගාවලියේ මේ දක්වා තමන් සහභාගී වූ තරග දෙකම ජය ගැනීමට පවන් රත්නායක නායකත්වය දරන ශ්‍රී ලංකා A කණ්ඩායම හැකියාව ලැබුනා.