පලමු තරගය කොදෙව්වන්ට පහසු ජයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය පහසු ජයක් ලබන්නට කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්. 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ICC සුපර් ලීග් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ද මෙයයි

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ශ්‍රී ලංකා ඉනිම නිමා වුණේ පන්දුවාර 49ක් තුළ සියල්ලන් දැවී ලකුණු 232ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 52 රැස් කළ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 61 දී ලකුණු 55 රැස් කළා. එක්දින වරම් හිමිකරගත් අශේන් බණ්ඩාර අර්ධ ශතකයක් රැස් කලා.

ලකුණු 233ක ජයග්‍රාහී ඉලක්ක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරුවන් එම ඉලක්කය පන්දුවාර 47කදී කඩුලු 02ක් දැවී පසුකර ගියා. දැවී ගිය කොදෙව් කඩුලු දෙකටම හිම්කම් කිවේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. කොදෙව් ආරම්භක පිතිකරු ෂායි හෝප්ස් ලකුණු 110ක් රැස්කළ අතර එවින් ලුවිස් ලකුණු 65ක් රැස් කල අතර තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පෙරමුණු ගන්නට කොදෙව්වන් ඊයේ සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?