‘පරිප්පුවා’ගේ සහෝදරයා සමඟ තවත් හයක් STF අත්අඩංගුවට (වීඩියෝ)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ අසංක මධුරංග නොහොත් ‘පරිප්පුවා’ගේ සහෝදරයා වන කොලොන්නාවේ ලක්මාල් සමඟ තවත් සැකකරුවන් 06 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (21) මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සැකකරුවන් සන්තකයේ තිබී කඩු 03ක් සහ මන්නා පිහියක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

https://youtu.be/7UrFBYB921M

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?