පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි ජන සමාජයක් ගොඩනැගීම අරමුණයි – ජනපති අනුර

ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට යෙදී තිබෙන හජ් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයාගේ හජ් දින සුබපැතුම් පණිවිඩයයේ සඳහන්.

ජනාධිපතිවරයාගේ හජ් දින සුබපැතුම් පණිවිඩය පහතින්..

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී තිබේ. ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය සහ අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුම සුවිශේෂ වන්නේ ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකෙන මක්කම වන්දනාව හේතුවෙනි.

වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශය ද හජ් උත්සවයෙන් සැපයේ. ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බව මම විශ්වාස කරමි.

එමෙන්ම, මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ලෝකයම මුහුණදී සිටින අසීරුතාව හමුවේ පවා මක්කම වන්දනාවේ යන ඉස්ලාම් බැතිමතුන් එක්ව සමරන්නේ ඊබ්‍රාහිම් නබිතුමාණන් සිය දිවිය තුළ සිදු කළ අසීමිත පරිත්‍යාගය සහ කැපකිරීමයි.
අප රජයේ අරමුණ වන්නේද ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය රජයන සාමයෙන්, සමගියෙන් පිරි සහකම්පනයෙන් යුත් ජන සමාජයක් ගොඩනැගීමයි. එම ගමනේදී සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ මගපෙන්වීම් තව තවත් අප ජීවිතවලට සමීප කර ගනිමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ආධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකික සමාජය තව තවත් පෝෂණය කොට සැමට ප්‍රතිලාභ හිමි වන සංවර්ධිත රටක් ගොඩනැගීමට සහෝදරත්වයෙන් පෙරට යාමට සියලු දෙනාට ආරාධනා කරමින් මෙරට සහ ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට උතුම් ඊදුල් – අල්හා සැමරුමක් වේවා’යි ප්‍රාර්ථනා කරමි.
ඊද් මුබාරක් !

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 මැයි 28 දින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25