මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එල්ල වූ දරුණුතම කළු පැල්ලම වන, 2018 වසරේ දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් (Cape Town) හිදී පැවති ටෙස්ට් තරගය අතරතුර ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් පන්දුව පළුදු කිරීමේ සිද්ධිය නව මුහුණුවරකින් මේ දිනවල යළි කතාබහට ලක්ව තිබෙනවා.
ඒ, හිටපු ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා විසින් සිය ස්වයං චරිතාපදානය වන ‘Sabr’ කෘතිය හරහා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කිරීම හරහායි.
උස්මාන් කවාජා පෙන්වා දෙන්නේ, එම පන්දුව පළුදු කිරීමේ සිද්ධිය එවකට කණ්ඩායමේ සිටි ක්‍රීඩකයින් සියලුදෙනාම දැනුවත්ව සිදු වූ බවයි.
කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් එවකට කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්, එවකට උප නායක ඩේවිඩ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පමණක් දඬුවම් ලැබීම හේතුවෙන් කවාජාගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් යළි දඩු කතා බහක් නිර්මාණය වුණා.
මේ අතර, උස්මාන් කවාජාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එවකට උප නායක ඩේවිඩ් වෝනර් සඳහන් කළේ, කවාජා සිද්ධිය සම්බන්ධයෙන් පවසන සිළු කරුණු සමඟ තමන්ද එකඟ වන බවයි.
නමුත්, කවාජාගේ ප්‍රකාශයට පරස්පර විරෝධීව අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වත්මන් ටෙස්ට් නායක පැට් කමින්ස් සඳහන් කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දනුවතම සිටි බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ඇතැම් අවස්ථාවලදී, කවාජාගේ මෙම ප්‍රකාශය ඔහුගේ කෘතිය අලෙවි කරගැනීමට සිදු කරන ලද අසත්‍ය ප්‍රකාශයක් බවට ද ඔහුට චෝදනා එල්ල වූණා.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තවත් පන්දුව පළුදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට විදෙස් මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබුණා.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිද්ධියෙන් මාස කිහිපයකට පසුව, පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවේ පළමු ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාව සතු විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන නේතන් ලියොන් විසින් “මින්ට් පෙති” භාවිත කරමින් පන්දුව පළුදු කිරීමට කණ්ඩායමට යෝජනා කර ඇති බව කෝඩ් ස්පෝර්ට්ස් (CODE Sports) වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් නේතන් ලියොන්ගේ එම යෝජනාවට කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය යම් එකඟතාවයක් පළකර ඇති නමුත්, ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් ඊට විරුද්ධ වී ඇති බවයි සඳහන් වන්නේ.
දෙසැම්බර් 09 වැනිදා පර්ත් (Perth) නුවරදී ආරම්භ වීමට නියමිත නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා වන ඕස්ට්‍රේලියානු සංචිතයෙන් නේතන් ලියොන්ව ඉවත් කරන බවට පුවත් පළ වීමත් සමඟම යමිත බව ඔහුගේ මෙම පන්දුව පළුදු කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වාර්තා පළවීම ද විදෙස් මාධ්‍ය අතර අවදානයක් දිනාගෙන තිබුණා.










