නේපාලයට බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 903 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
නේපාලයේ ජාතික ආපදා අධිකාරිය පවසන්නේ මෙම ව්‍යසනයෙන් අතුරුදහන් වූ සංඛ්‍යාව 4,200ක් බවයි.
මේ අතර නේපාලයේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාව ද සහාය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඩී.එන්.ඒ සාම්පල විශ්ලේෂණය කිරීමට සහ වින්දිතයින් හඳුනා ගැනීමට සහාය වන 19 දෙනෙකුගෙන් යුත් විශේෂිත අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් කත්මණ්ඩු හි වැඩ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.













