නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 8ක වාර්තාගත ජයක්

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

තරගය පැවැත්වුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා හිදීයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට පන්දුවාර 10ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 44ක් පමණයි.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමටත් ප්‍රථම පුරසාරම් දෙඩූ නෙදර්ලන්ත නායක පීටර් සීලස්ගේ කට වසා දමන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කටයුතු කළේ, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවීමේ තීරණය ගත් සැණින්මයි.

කිසිදු නෙදර්ලන්ත පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකා දඟ පන්දු සහ වේග පන්දු සුසංයෝගය ඔවුන්ගේ ඉදිරි පෙළ කඩුළු පහක්ම මුළු ලකුණු සංඛ්‍යාව 32ක් වන විට බිඳ දැමුවා.

එම කඩුළු පහ අතරේ මහීෂ් තීක්ෂණ එක් ඕවරයකදී ලබාගත් කඩුළු දෙකක් සහ වනිඳු හසරංග සතු කරගත් කඩුළු දෙකක් ඇතුළත් වුණා.

දඟ පන්දු යවන්නන් සටන නැවතූ තැනින් සටන ඇරඹූ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් නෙදර්ලන්ත කණ්ඩායමේ පසුපෙළ බිඳ දැමුවේ කිසිදු අනුකම්පාවකින් තොරව යි.

දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාරගේ වේග පන්දු දරා ගත නොහැකි වූ නෙදර්ලන්ත කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 44ක් ව තිබියදී ඔවුන්ගේ සියලු ක්‍රීඩකයින්ට ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරන්නට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් වුණා.

සටනේ පෙරමුණ ගත් ළහිරු කුමාර ළකුණූ 7කට කඩුළු තුනක් දවා ගත් අතර, වනිදු හසරංග ළකුණු 9කට කඩුළු තුනක් දවා ගනිද්දි මහීෂ් තීක්ෂණ එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 3කට නෙදර්ලන්ත කඩුළු දෙකක් දවාගත්තා.

තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයෙන් ඉදිරියට නොයන බවත්, පළමු වටයේ තරග ජය ගැනීම කිසිසේත් පහසු කරුණක් නොවන බවටත් වහසි බස් දෙඩූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායක පීටර් සීලර් රැස් කරගත්තේ ළකුණු දෙකක් පමණයි. ඔහු වනිදු හසරංගගේ දඟ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

පන්දු ඕවර 10ක් නිමා වන විට නෙදර්ලන්ත කණ්ඩායම ළකුණු 44කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ළකුණු 45ක ඉලක්කයක් ඉතිරි කර තබමින්.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා පිටියේ පන්දුවාර 20 තරගයකදී වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් වාර්තා කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ද  වනවා.

දෛවෝපගත සිදුවීම වන්නේ අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන කණ්ඩායමම දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම ලෙසත් වාර්තා පොත් අතරට එක්වීමයි.

විශේෂත්වය වන්නේ නෙදර්ලන්ත කණ්ඩායම මීට පෙර 2014 වසරේ බංග්ලාදේශයේ චිතගොන්හිදී ලකුණු 39කට දැවී ගියේත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ වීමයි.

සුපිරි කණ්ඩායම් 12 වටයට අපරාජිතව පිවිසීමේ අරමුණ ඇතිව ලකුණු 45ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජයග්‍රහණයේ සීමාවට ළගාවන විට කඩුලු දෙකක් බිඳ වැටී තිබුණා.

කණ්ඩායමට අවශ්‍ය කරන ජයග්‍රහණයේ මග පෑදූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 7යි එක් පන්දුවක් අවසානයේයි.

පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 6යි.ලකුණු 7කට නෙදර්ලන්ත කඩුලු 3ක් බිඳහෙළු ලහිරු කුමාර තරගයේ වීරයා ලෙසට සම්මාන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31