Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නීතිඥ නුවන් බෝපගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේ දී ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

ගෝඨගෝගම අරගලයේ ක්‍රියාකාරී නීතිඥයකු වන නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලැදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේ දී ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දැනුම් දෙනු ලැබුවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (23) විභාගයට ගත්තා.

නීතිඥ නුවන් බොපගෙ විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම වග උත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපති, කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති, මර්දාන පොලීසියේ ස්ථානාධිපති, ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිනවා.

2022 වසරේ ජූලි 22 වැනි දා ගෝඨාගෝගම අරගල භූමියේ දී විරෝධතාවය නිරතව සිටිය දී පොලිස් පිරිසක් පැමිණ පහරදී පසුව රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත මුදා හැරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවු බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.