නීත්‍යානුකූල ආදායම ඉක්මවා වත්කම් ඉපැයීමේ චෝදනා- විමල්ට එරෙහි නඩුව ලබන 25 කැඳවයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට අද (3) කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ අද නඩුව කැඳවු ලැබුවා.

සිද්ධියට අදාළ සැකකරු වන හිටපු අමාත්‍ය විමල් වීරවංශ විවෘත අධිකරණයේ පෙනී සිටියා.

නඩුවේ සාක්ෂි විභාගය සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන අංක 5,55 සහ 56 වන සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා අද සිතාසි නිකුත්කර තිබෙනවා.