නිවසේ ප්‍රමාණයට විතරක් පාර හදපු නිසා මාර්ගය කළු ගඟට නාය ගිහිං – ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක්

මාර්ග සංවර්ධන අධිකාරිය මූල්‍ය ප්‍රතිපාදන තිබියදීත්, එක් කොටසකට පමණක් කොන්ක්‍රීට් තට්ටුවකින් යොදමින් සිදු කළ මාර්ග සංවර්ධනයක් පිළිබඳ ව තොරතුරු වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අයගම – ඉඩම්ගොඩ ප්‍රදේශයෙන්.

දසත පුවත් වෙත එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පවසා සිටියේ අයගම – ඉඩම්ගොඩ මාර්ගයේ 12 පහළවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වන මෙම මාර්ගයේ නිවාස ප්‍රමාණයට පමණක් මාර්ගය ඉදිකර ඇති බවත්; සෙසු මාර්ග කොටස පසුගිය වර්ෂාපතන කාලයේ දී දැඩි ලෙස මාර්ගයම පහළට ගිලා බැස, නාය ගොස් ඇති බවයි.

මේ වනවිට නිවස පිහිටි වට භූමියේ ඇති පස් කන්ද සහිත මාර්ග කොටස ද නායයෑමට ලක්ව ඇති බවත් සිදුවීම සම්බන්ධයෙන් අනතුරක් සිදුවීමට පෙර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දුන්න ද; කිසිවෙකු මෙම ගැටලුව ගැටලුවක් ලෙස නොදකින බව‍යි ගම්වැසියන් චෝදනා කරන්නේ.

මෙම මාර්ගය යටින් කළු ගඟ ගලා බසිනා බවත් නායයෑම දිගින් දිගටම සිදුවුවහොත් මාර්ගය සමග කොන්ක්‍රීට් යොදා සැකසූ කොටස ද ගංගාවට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි නිවාස හිමියන් පවසනවා.

මේ පිළිබඳ ව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගම්වැසියන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ තවත් නිවාස එම මාර්ගයේ පිහිටියේ නම් පමණක් කොන්ක්‍රීට් යොදා බැම්ම ආවරණය කරන බවත් ඒ සඳහා මුදල් ඇති බවත් ය.

නමුත් නිවෙස් ප්‍රමාණය අඩු බැවින් එය සිදු කළ නොහැකි බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් පසුගියදා පැවති වර්ෂාපතනය සේ තවත් ඉදිරියේ දී කාලගුණය අයහපත් වූ කලෙක මෙම මාර්ගය ගිලා බැස නායයෑමේ අවදානම වැඩිබවත්, ජීවිත හානි හෝ දේපොළ හානි සිදුවීමට පෙර ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් අයගම – ඉඩම්තොට මෙම මාර්ගය භාවිත කරන්නන් වගකිව යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58