Empty Ad
Empty Ad

නියමිත දිනට ගිනිඅවි භාර නොදුන්නොත් නීතිය තදවෙයි

සිවිල් වැසියන් සතුව දැනට පවතින ගිනිඅවි භාරදීමේ කාලසීමාවට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඒ, අනුව නියමිත දිනට පෙර භාරනොදෙන හෝ අභියාචනයක් ඉදිරිපත් නොකළ ගිනිඅවි නීති විරෝධී අවි ලෙස සලකනු ලබන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු වාර්තා අමාත්‍යාංශය සතුව පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරත් සඳහන් කළේ මෙම උපදෙස් නොසලකා හරින ඕනෑම අයෙකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

සිවිල් වැසියන් සතුව පවතින ගිනි අවි ආපසු භාරදීමේ කාලය නොවැම්බර් 21 වැනිදායින් අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?