අම්පාර – නින්දවූර් මුහුදේ ගිලී දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මෙලෙස අතුරුදන් ඇත්තේ වයස අවුරුදු 16ක සිසුවෙක් සහ අවුරුදු 23ක විවාහක තරුණයෙක්.
අද (20) පස්වරුවේ සිසුන් දෙදෙනෙක් නින්දවූර් මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා දියේ ගිලී තිබෙනවා.
එම අවස්ථාවේ දී පුද්ගලයෙක් විසින් එක් සිසුවෙක්ව බේරාගැනීමට සමත්ව ඇති බවයි නින්දවූර් පොලිසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ.
කෙසේ වෙතත් එම සිසුවා බේරාගත් පුද්ගලයා ද රළ පහරකට හසුව මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ.
බේරාගත් 17 හැවිරිදි සිසුවා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අතුරුදන් වූ සිසුවා සහ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදා යාත්‍රාවක් ද යොදාගනිමින් මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම මෙම මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යාන උපයෝගී කරගෙන මුහුදේ නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.










