නිදහස් පක්ෂයට නව වැඩ බලන සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ශාන් විජය ලාල් ද සිල්වා පත්කර තිබෙනවා.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (01) දිනයේ දිවයිනෙන් බැහැරව යන බැවින් මෙම තාවකාලික පත් කිරීම සිදුකර තිබෙනවා.

ලෝක සාම සම්මේලනය සඳහා සහභාගීවීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද දිනයේ දකුණු කොරියාව බලා පිටත්ව යන බවයි නිදහස් පක්ෂය සඳහන් කළේ.