නිකොලස් මදුරෝ සහ බිරිඳ අද මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණයට

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සීලියා ෆ්ලෝරස් අද (05) දිනයේ ඇමරිකාවේ මැන්හැට්න් දිස්ත්‍රික් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නිකොලස් මදුරෝට එරෙහිව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ගොනුකර චෝදනා පත්‍රයට අනුව, මදුරෝ වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් පෝෂණය වූ දූෂිත, නීති විරෝධී රජයක් පවත්වාගෙන යන බව සඳහන්.

නීති විරෝධී මත්ද්‍රවය ටොන් දහස් ගණනක් ඇමරිකාවට ප්‍රවහනය කිරීම සඳහා ලෝකයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන් සමඟ, වෙනිසුලානු ජනාධිපතිවරයා එක්ව කටයුතු කර ඇති බව ඇමරිකාව විසින් නඟන මූලික චෝදනාව වනවා.

එමෙන්ම මාදුරෝ ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන නිකොලස් මාදුරෝ ගුවේරාට එරෙහිව ද චෝදනා ගොනු කිරීමට ඇමරිකානු බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඇමරිකානු හමුදා විසින් වෙනිසියුලානු වේලාවෙන් ඊයේ (04) අලුයම් කාලයේ එරට අගනුවර වන කැරකස්හි සිදුකළ විශේෂ හමුදා මෙහෙයුමක දී නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇමරිකා හමුදා භාරයට ගනු ලැබුවා.

කෙසේ වෙතත් මාදුරෝගේ පුත්‍රයා හසුකර ගැනීමට ඇමරිකානු හමුදාවට එහිදී හැකියව ලැබුණේ නැහැ

වීඩියෝ පටයක් නිකුත් කරමින් නිකොලස් මදුරෝ ගුවේරා වෙනිසියුලානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ වීදි බැස ඇමරිකාවට සිය විරෝධය පළ කරන ලෙසයි.

මේ අතර වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සම්බන්ධ අධිකරණ කටයුතු මෙරට වේලාවෙන් අද (05) රාත්‍රී 10.30ට ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56