spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැවත ආර්ථික අර්බුධයක් ඇති වන දිනය ජනපති කියයි (වීඩියෝ)

ආනයන, අපනයන පරතරය පියවීම සදහා ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

එයට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එමෙන්ම ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌ඓතිහාසික බෝධිය වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට අද (20)දින සහභාගී වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?