නාන කාමරයේ ඇදවැටී හිටපු අමාත්‍යවරයෙකු අවසන් ගමන් යයි

හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා ඊයේ (10) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇත්තේ සිය නිවසේ නාන කාමරයේ ඇද වැටීමෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හිටපු අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ද වනවා.

මියයන විට ඒ මහතා පසුවූයේ 76 වැනි වියෙහි යි.

හෙතෙම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද අමාත්‍ය ධුරයක් හෙබවූ අයෙක්.

ඒකනායක මහතා දියවැඩියාව රෝගයෙන් පෙලුණු පුද්ගලයෙකු වූ බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදුවන අවස්ථාවේ දී ඒ මහතා පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය පවසනවා.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසටයි නියෝග කෙරුණේ.

  1. කොච්චර සැපට අපගේ මුදල් වලින් කාලා බීලා හිටියත් බාත්රූම් එකක වැටිලා මැරෙන්න කොච්චර පිං කරලා ඇතිද නේද.හරීම දුකයි අනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25