Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ප්‍රබල ඉන්දියාව හිරවෙයි

සංචාරක නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (25) යි.

මේ වනවිට තරගය පූනේ හි දී ආරම්භ වී තිබෙනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 103ක්.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 259ක් රැස් කළා.

එහිදී ඩෙවොන් කොන්වේ ලකුණු 76ක් සහ රචින් රවින්ද්‍රා ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා.

මේ වනවිට ඉන්දීය කණ්ඩායම නවසීලන්තයේ පළමු ඉනිමට වඩා ලකුණු 156ක් පසුපසින් සිටිනවා.

අද තරගයේ දීත් රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි අසාර්ථක වූ අතර ශර්මා කිසිදු ලකුණක් නොලබා දැවී යද්දී කෝලි එක් ලකුණකට දැවී ගියා.

ඉන්දීය කණ්ඩායමේ කඩුලු බිඳ දැමීමේ දී ග්ලේන් පිලිප්ස් සහ සැන්ටර් අතර කඩුලු 02ක බැගින් සහ ටිම් සවුති එක් කඩුල්ලක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?