spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවක වදය ගැන WhatsApp මගින් තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

විශ්ව විද්‍යාලවල සිදු වන නවක වදය පිළිබඳ තොරතුරු WhatsApp මගින් ලබා ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ පොලිස් විශේෂ කාර්යාංශය එක්වයි ඊයේ කොළඹ පොලිස් මූලස්ථානයේ මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර ඇත්තේ.

දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාලවල නවක වදය ලබාදීමේ සිදුවීම් පිළිබඳ පොලිස් විශේෂ කාර්යාංශය තුල දැනට ස්ථාපිත කර ඇති 1997 කෙටි දුරකථන අංකය වෙත කරනු ලබන පැමිණිලි මින් ඉදිරියට 076 5453454 දරණ WhatsApp පහසුකම් සහිත අංකය වෙත ඡායාරූප, හඬ පට සහ වීඩියෝ ද සහිතව පැය 24 පුරා යොමු කළ හැකියි.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි විශේෂ ඒකකය මගින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?