15 හැවිරිදි සිය දියණියට බරපතළ ලිංගික අපචාර කළ බවට වරදකරු වූ පියෙකුට බරපතළ වැඩ සහිත වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවමක්ද,ඊට අමතරව රුපියල් හතළිස් දහසක දඩ මුදලක් සහ අතවරයට ලක් වූ දියණියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ද ගෙවන ලෙස බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (8) වැනිදා නියම කළා.
මෙසේ දඬුවම් ලැබුවේ පිටිගල පොලිස් වසමට අයත් පොරවගම යොන්ගලවත්ත පදිංචිව සිටි රණේපුර හේවගේ සුසන්ත නමැති අයෙකි.
2013 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළදී කිහිප වතාවක්ම මෙම දැරිය අතවරයට ලක් වී තිබෙනුයේ මව විදේශගත වී සිටියදී පියාගේ රැකවරණය යටතේ ජීවත්ව සිටියදීය.අතවරයට ලක්වන දින උදේ මෙම දැරිය පෙරදින රාත්රියේ පිසින ලද පිළුණු වූ පරිප්පු ආහාරයට ගෙන ඇති අතර මේ නිසා සවස වමනය කර ඇත.බීමත්ව සිටි පියාට මේ බව කියද්දී එය පිළිනොගෙන කිසියම් අයකුගෙන් අතවර වෙන්න ඇතැයි කියා පරීක්ෂා කර බැලීමටයැයි කියමින් බරපතළ ලිංගික අතවර කර තිබේ.
කිහිප වතාවක්ම මෙසේ අතවරයට ලක් වෙද්දී අසල්වැසි ඥාතියෙකුට පැවසීමෙන් පසු පිටිගල පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ අනුව වැරදිකරු වූ පියාට චෝදනා දෙකක් යටතේ එක චෝදනාවකට වසර දහය බැගින් වසර විස්සක සිර දඬුවම් නියම කෙරිණි.
