නඩු බඩු කාමරයෙන් කුඩු ඉස්සූ සැකකාර හිටපු භාරකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ රුපියල් මිලියන 240ක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 12ක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම නඩු බඩු කාමරයේ හිටපු භාරකරුවෙකු සැප්තැම්බර් මස 04 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) අවසර ලබා දුන්නා.

එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කර තිබූ නියෝගයක් අනුව එම දෙපාර්තමේන්තුව මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි තරිඳු යෝෂිත නැමැති පුද්ගලයෙකු නඩුබඩු කාමරයේ තිබූ එම හෙරොයින් තොගය උසාවි නියෝගයකින් තොරව රැගෙන ගොස් ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශනවල දී අනාවරණයවී ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට එම කුඩු තොගය රැගෙන ගිය නිලධාරියා කවුද මෙම සැකකාර පුද්ගලයාගේ පූර්ණ මැදිහත්වීමක් මත එම කුඩු තොගය රැගෙන ගොස් තිබේ ද යන්න පිළිබඳව මෙන්ම එම කුඩු තොගයට කුමක් සිදුකර තිබේ ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සැකකාර පුද්ගලයාව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙස ද එම දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය වෙත දැක්වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා සැප්තැම්බර් මස 04 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් අතර, සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර සිටියා.

  1. 1869 වර්ෂයේ සිට ක්‍රියාත්මක රේගු නීතියේ 43 සහ 136 වගන්තීන්ට පටහැනිව සහ උල්ලංඝනය කරමින්, 1983.03.10 වන දින, එවක නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිගේ සභාපතිත්වයෙන් සහ රජයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු විසින් ගනු ලැබූ අනීතික තීරණයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, එම නීතියට අනුව රේගු නිලධාරීන් සහ අනෙකුත් ආරක්ෂක අoශ විසින් මෙරටදී අත් අඩoගුවට ගනු ලබන විෂ මත් ද්‍රව්‍යයන් පොලිස් මත් ද්‍රව්‍යය කාර්යාoශයට භාර දීම සිදු කරනු ලබයි. මෙම විෂ මත් ද්‍රව්‍යයන් විනාශ කිරීමට පොලිස්පතිවරයාට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බැවින් අධිකරණ කටයුතු වෙනුවෙන් සැකකරුවන් සමග අධිකරණ වෙත භාර දෙනු ලබයි. අධිකරණ භාරයේ තිබියදී මත් ද්‍රව්‍යයන් අස්ථාන ගත වනුයේ/කරනුයේ ඉහත අනීතික තීරණය ක්‍රියාත්මක වීම හේතුවෙනි. රේගු නීතියේ 43 වගන්තියට අනුව මෙරටදී අත් අඩoගුවට පත් වන/ගනු ලබන මත් ද්‍රව්‍යයන් ඇතුළු සියළු තහනම් භාණ්ඩ රාජ සන්තක කිරීමෙන්/වීමෙන් පසු විනාශ කිරීමේ හෝ බැහැර කිරීමේ රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත පවරා/පැවරී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30