නගර සභාවේ ගලි බවුසරය පදිකයින් දෙදෙනකුත් යට කරගෙන කඩා වදියි

නුවරඑළියේ මහ නගර සභාවේ බවුසරයට පුද්ගලයින් දෙදෙනෙකු යට වී තුවාල ලබා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම රිය අනතුරින් මෝටර් රථයකට ද හානි සිදු ව ඇති බවයි.

නුවරඑළිය මුලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිට දී මෙම අනතුර සිදු ව ඇති අතර; ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනකු මෙලෙස අනතුරට ලක් ව රෝහල්ගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අද (12) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා.

හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑළිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම බවුසරය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයක ද ගැටී පදිකයින් දෙදෙනා ද යට කරගෙන විත් ප්‍රධාන
මාර්ගය අබියස පිහිටි පැති බැම්මක ගැටී නතර ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු ව ඇති අතර, බවුසර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවයි අනතුර පිළිබඳ ව සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

බවුසර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?