ධාවන ලොව නව පෙරළියකට මඟ පාදමින් TVS Apache නවතම යතුරුපැදි මාදිලි 04ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකික යතුරුපැදි ලෝලීන්ට නවමු ධාවන අත්දැකීමක් හඳුන්වා දෙමින් TVS ලංකා පුද්ගලික සමාගම විසින් නවතම TVS Apache යතුරුපැදි මාදිලි හතරක් මෙරට වෙළෙඳපොළට එක් කරන ලදී.

ඒ අනුව, TVS Apache RR 310, TVS Apache RTR 310, TVS Apache RTR 200 4V TFT සහ TVS Apache RTR 160 4V TFT යන මාදිලි 2026 සැප්තැම්බර් 11 වැනිදා කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේ පැවති උත්සවයකදී උත්කර්ෂවත් අන්දමින් එළිදැක්විණි.

ධාවන තරග බිමෙන් පන්නරය ලැබූ Apache සන්නාමයේ Racing DNA උරුමය රැගත් මෙම නව යතුරුපැදි පෙළ, නවීන තාක්ෂණය, ඉහළ කාර්ය සාධනය සහ ආකර්ෂණීය පෙනුම එක්තැන් කරයි.

එකිනෙකට වෙනස් ධාවන රුචිකත්වයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති මෙම මාදිලි, මෙරට යතුරුපැදි ලෝලීන්ට තම අවශ්‍යතාවට සරිලන යතුරුපැදියක් තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙයි.

එළිදැක්වීමට සමගාමීව ජන මාධ්‍ය නියෝජිතයන්ට නව යතුරුපැදිවල විශේෂාංග පිළිබඳ හඳුන්වා දීමක් සහ ධාවන පථ අත්දැකීමක් ලබා දීමටද කටයුතු යොදා තිබිණි.

එමෙන්ම පළමු පාරිභෝගිකයන් 20 දෙනා වෙත යතුරුපැදි සහ විශේෂ ත්‍යාග පිරිනැමීමද උත්සවයේ කැපී පෙනෙන අවස්ථාවක් විය.

Apache මාදිලි පෙළේ ප්‍රමුඛතම Supersport යතුරුපැදිය වන TVS Apache RR 310, 312.2 cc එන්ජිමකින් 38 PS බලයක් සහ 29 Nm Torque අගයක් ජනනය කරයි.

ආකර්ෂණීය Fully-faired නිර්මාණයකින් යුත් මෙය Aerodynamic Winglets, Bidirectional Quickshifter, Cruise Control, TPMS සහ Riding Modes හතරකින් සමන්විතයි.

Cornering ABS සහ Traction Control ඇතුළු පහසුකම් සහිත RT-DSC පද්ධතිය ධාවනයේ ආරක්ෂාව හා පාලනය වැඩිදියුණු කිරීමට සහාය වෙයි.

TVS Racing හි “Track to Road” සංකල්පය අනුව නිර්මාණය වූ මෙම යතුරුපැදිය ධාවන තරග බිමේ ජවය මාර්ගයට රැගෙන එයි.

ජවසම්පන්න Streetfighter පෙනුමකින් යුත් TVS Apache RTR 310, 312.2 cc එන්ජිමකින් 35.6 PS බලයක් සහ 28.7 Nm Torque අගයක් ජනනය කරයි.

Bidirectional Quickshifter, Cruise Control, TPMS, Transparent Clutch Cover සහ Keyless Ride පහසුකම් සහිත මෙය, විවිධ ධාවන අවශ්‍යතාවන්ට ගැළපෙන Riding Modes පහකින් සමන්විතයි.

Cornering ABS, Cornering Traction Control සහ Wheelie Control ඇතුළු පහසුකම් සහිත RT-DSC පද්ධතිය, විවිධ මාර්ග තත්ත්වයන් යටතේ වඩාත් ස්ථාවර හා විශ්වාසනීය ධාවනයකට සහාය වනවා.

TVS Apache RTR 200 4V TFT, 197.75 cc එන්ජිමකින් 20.82 PS බලයක් සහ 17.25 Nm Torque අගයක් ජනනය කරයි.

Class D Projector Headlamp, 37 mm USD ඉදිරිපස සස්පෙන්ෂන් පද්ධතිය සහ TVS SmartXonnect™ පහසුකම සහිත අඟල් පහක TFT තිරය මෙහි කැපී පෙනෙන විශේෂාංග වනවා.

Sport, Urban සහ Rain යන Riding Modes තුන සමඟ Dual-Channel ABS සහ Traction Control පද්ධති විවිධ ධාවන තත්ත්වයන්ට ගැළපෙන පාලනයක් ලබා දීමට සහාය වේ.

TVS Racing වෙතින් උරුම වූ O3C එන්ජින් තාක්ෂණයද මෙහි කාර්ය සාධනය තවදුරටත් ඉහළ නංවයි.

TVS Apache RTR 160 4V TFT, 159.7 cc එන්ජිමකින් 17.55 PS බලයක් සහ 14.73 Nm Torque අගයක් ජනනය කරයි.

Class D Projector Headlamp, 37 mm USD ඉදිරිපස සස්පෙන්ෂන් පද්ධතිය සහ TVS SmartXonnect™ පහසුකම සහිත අඟල් පහක TFT තිරය මෙහි ප්‍රධාන විශේෂාංග වේ.

Dual-Channel ABS, Traction Control සහ Assist & Slipper Clutch සමඟ Sport, Urban සහ Rain යන Riding Modes තුනකින් සමන්විත මෙම යතුරුපැදිය, වැඩි පාලනයක් සහිත ආකර්ෂණීය ධාවන අත්දැකීමක් ලබා දෙයි.

නව Apache මාදිලි පෙළ මහජනතාව වෙත හඳුන්වා දෙමින්, 2026 සැප්තැම්බර් 12 වැනිදා BMICH පරිශ්‍රයේ පැවති Motor Show 2026 ප්‍රදර්ශනයේදී මෙම යතුරුපැදි මාදිලි හතර ප්‍රදර්ශනය කෙරිණි. එහිදී යතුරුපැදි සමීපව දැකබලා ගැනීමටත්, ඒවායේ නවීන විශේෂාංග පිළිබඳ දැනුවත් වීමටත් නරඹන්නන්ට අවස්ථාව හිමි විය.

දින දෙකක් පුරා පැවති TVS Apache Bike Stunt Show සංදර්ශනය ප්‍රදර්ශනයට තවත් උද්යෝගයක් එක් කළ අතර, Apache සන්නාමයේ ජවසම්පන්න ධාවන හැකියාවන් සජීවීව දැකබලා ගැනීමටද නරඹන්නන්ට අවස්ථාව සැලසිණි.

මෙම හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් TVS ලංකා පුද්ගලික සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනි මහතා සඳහන් කළේ, නව Apache මාදිලි පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සමාගමට වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම මෙරට යතුරුපැදි ලෝලීන්ටද සුවිශේෂී අවස්ථාවක් වන බවයි.

ශ්‍රී ලාංකික ධාවකයන් කාර්ය සාධනය, නවීන තාක්ෂණය සහ ආකර්ෂණීය නිර්මාණ කෙරෙහි දක්වන උනන්දුවට මෙම නව මාදිලි පෙළ මඟින් ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

එකිනෙකට වෙනස් ධාවන අත්දැකීම් ලබා දෙන මෙම මාදිලි හතරම Apache සන්නාමයේ ධාවන තරග බිමෙන් ලද Racing DNA උරුමය රැක ගනිමින් නිර්මාණය කර ඇති බවද ඔහු පැවසීය.

පාරිභෝගිකයන්ගෙන් සහ දිනෙන් දින වර්ධනය වන මෙරට යතුරුපැදි ධාවක ප්‍රජාවෙන් මෙම නව මාදිලි සඳහා ලැබෙන ප්‍රතිචාර පිළිබඳ සමාගම මහත් බලාපොරොත්තුවෙන් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරට යතුරුපැදි වෙළෙඳපොළ තුළ සිය නිෂ්පාදන පරාසය තවදුරටත් පුළුල් කරමින්, පාරිභෝගිකයන්ගේ වෙනස් වන අපේක්ෂාවන්ට ගැළපෙන තේරීම් ලබා දීමට TVS ලංකා පුද්ගලික සමාගම දක්වන කැපවීම මෙම හඳුන්වා දීම තුළින් පිළිබිඹු වේ. ඒ සමඟම ශ්‍රී ලංකාව තුළ TVS Apache සන්නාමයේ ඉදිරි ගමනටද නව පරිච්ඡේදයක් එක් වනවා.