දෙවැනි 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක් – තරගාවලියත් එකට එකක් ලෙස සමවෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (14) හැකියාව ලැබුණා.

එම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට එකක් ලෙස සම කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකියාව හිමිවුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළා .

ඒ, අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194ක්.

එහිදී දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබාගත් අතර, ඔහු පන්දු 19කින් සිය අර්ධ ශතකය වාර්තා කළා.

දසුන්ගේ මෙම අර්ධ ශතකය වාර්තා අතරට එක් වුනේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 61ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දුයැවීමේ දී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තා.

අනතුරුව ලකුණු 195ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් ක්‍රීඩකයින්ට පන්දුවාර 18යි පන්දු 01ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 157ක් පමණයි.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර කඩුලු 03 බැඟින් බිඳ දැමූ අතර, දුනිත් වෙල්ලාලගේ කඩුලු 02ක් බිඳ දැමුවා.

කොදෙව් ඉනිම වෙනුවෙන් රොව්මන් පවෙල් ලකුණු 43ක් සහ ෂිම්රොන් හෙට්මියර් ලකුණු 38ක් රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
1
+1
10
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59