දෙවන 20-20 තරගය අද – ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද (11) රාවල්පින්ඩි හිදී පැවැත් වෙනවා.

තරගාවලිය ගැන ශ්‍රී ලංකාවට බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිළට වැදගත් වනවා.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවන අතර, මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවයි පාකිස්ථානයෙන් වාර්තා වුණේ.

ඒ, අනුව කමිල් මිෂාර වෙනුවට යොවුන් ක්‍රීඩක සිනෙත් ජයවර්ධනට අද තරගයේ දී අවස්ථාව හිමිවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඊට අමතරව මෙම තරගයේ දී දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත්ට සහ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු හතරකින් ජයගත් පාකිස්ථානය තරග එකට බින්දුවක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.