දෙවන 20-20 තරගයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 100ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

හරාරේ හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02ක් පමණක් දැවී 234ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී රෝහිත් ශර්මාගේ විශ්‍රාම යාමත් සමඟ ඉන්දීය 20-20 කණ්ඩායමේ නව නිත්‍ය ආරම්භක පිතිකරු තනතුරේ අභිසෙස් ලැබීමට නියමිතව සිටින අභිෂේක් ෂර්මා සිය පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු තරගයේදී ලකුණු නොලබා දැවීගිය අභිෂේක් ෂර්මා ඊට පසුදින පැවති මෙම තරගයේ දී ශතකයක් රැස් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම රුතුරාජ් ගයික්වාඩ් වේගවත් ලකුණු 77ක් සහ රින්කු සිං ලකුණු 48ක් ඉන්දීය ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී බ්ලෙසින් මුසරබානි සහ වෙලින්ටන් මසකඩ්සා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 235ක දැවැන්ත ඉලක්කය හඹා යාමට සිම්බාබ්වේ පිතිකරුවන් පිටියට පිවිසි අතර, ඔවුන්ට පන්දුවාර 18යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට වෙස්ලි මාදේවෙරේ පත් වූ අතර ඔහු ලකුණු 43ක් රැස් කළා.

ඊට අමතරව ලූක් ජොන්ග්වේ ලකුණු 33ක් සහ බ්‍රයන් බෙනට් ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමේ දී සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කළ මුකේෂ් කුමාර් සහ අවේශ් ඛාන් අතරේ කඩුලු 03 බැඟින් බෙදී ගියා.

ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 100කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම මෙම තරගයේ ජයග්‍රහණය වාර්තා කළ අතර, තරග පහකින් සමන්විත 20-20 තරගාවලිය තරග එකට එකක් ලෙස සමකිරීමට ද සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43