Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දෙවන ටෙස්ට් තරගය ජය ගන්න පාකිස්ථානයට පහසු ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජයගැනීම සඳහා සත්කාරක පාකිස්තාන කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 90ක්.

ඒ, ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ලකුණු 316කට සීමා වීමත් සමඟයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

ඒ අනුව, සිය පිළිතුරු ඉනිම වෙනුවෙන් ශ්‍රී පාකිස්ථානය ලකුණු 325ක් රැස්‌කර ගත්තා.

පාකිස්ථාන පළමු ඉනිමට වඩා, ලකුණු 227ක් පිටුපසින් සිය දෙවනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවනි ඉනිම සඳහා ද සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකිවුණේ නැහැ.

කෙසේ වෙතත්, සොනල් දිනූෂ, නායක කුසල් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක විසින් රැස්කර ගත් අර්ධ ශතකත් සමඟ, ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 316ක් රැස්කර ගත්තා.

අද තරගයේ සිව්වන දිනය වන අතර, ලකුණු 90ක ඉලක්කය සපුරා ගැනීම සඳහා පාකිස්ථානයට අද සහ හෙට දින දෙකම ඉතිරිව තිබෙනවා.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය අරදුමෙන් තොරව් නිමාවූ අතර, මෙම තරගයෙන් තරගාවලියේ ජය පරාජය ද තීරණයට වීමට නියමිතයි.