AFC Banner
AFC Banner
Empty Ad

දෙපිළටම තීරණාත්මක දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද

2023-2025 ලෝක ටෙස්ට් ශූරතාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි තීරණාත්මක ටෙස්ට් තරගයක් අද (05) දකුණු අප්‍රිකාවට එරෙහිව Gqeberha ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 01.30ට ආරම්භ වනු ඇති.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මෙය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වනවා.

ඊට හේතුව ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ප්‍රසාද ලකුණු ඉහළින් ලබා ගනිමින් අවසන් මහා සටනට පිවිසීමේ ඉඩකඩ තවමත් යම් ප්‍රමාණයකින් හෝ දකුණු අප්‍රිකාවට මෙන් ම ශ්‍රී ලංකාවට ද හිමිව තිබීම හේතුවෙන්.

දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය පසුගියදා විශිෂ්ට ලකුණු 233කින් ජය ගත්තා.

කෙසේ නමුත් අද තරගයට දකුණු අප්‍රිකාවේ සුපිරි වේග පන්දු ක්‍රීඩකයෙකු මෙන් ම පිතිකරුවෙකු වන කොට්සෙ සහ මල්ඩර් එක් නොවනු ඇති.

ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක් වීම හේතුවෙන් පැටර්සන්, සෙනුරන් මුත්තුසාමි හෝ Kwena Maphaka යන අයගෙන් දෙදෙනකු එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කරන වෙනසක් වාර්තා නොවන අතර (මෙතෙක්) ධනංජය ද සිල්වා කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරනවා.

ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාව මෙහෙයවනු ඇති.

කෙසේවෙතත් ක්‍රීඩා විචාරකයින් පෙන්වාදෙන්නේ Gqeberha ක්‍රීඩාංගණය වේග පන්දු යවන්නන්ගේ නිජබිමක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?