දෙණියායේ දිය යට සැඟව ගිය අයගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි

විනෝද චාරිකාවක් සඳහා දෙණියාය ප්‍රදේශයට පැමිණි පිරිසක් ඊයේ (07) දිනයේදී දොළ මාර්ගයකින් දිය නාමින් සිටින අතරතුර එක්වරම දොළ මාර්ගයේ ජල ධහරාව වැඩි වීම හේතුවෙන් ජල පහරට ගසා ගෙන යාමේ සිද්ධියක් වාර්තා වුණා.

එලෙස ජල පහරට හසුව ගසාගෙන 06 දෙනෙක් අතරින් පුද්ගලයන් දෙදෙනෙක් නැවත ගොඩට පැමිණ ඇති අතර, තවත් සිව්දෙනෙක් අතුරුදන්ව සිටියා.

මෙලෙස අතුරුදන් වූ සිව් දෙනා අතරින් මේ වන විට තිදෙනෙකුගේ නිසල සිරුරු මේ වන විට හමුවී තිබෙනවා.

මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පරිඝණක ආයතනයක සේවය කරන පිරිසක්.

දිය පහරට හසුව බේරුණු දෙදෙනාට ද බරපතල තුවාල සිදුව ඇති අතර ඔවුන්ව ද රෝහල් ගතකර තිබෙනවා.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.