තිරප්පනේ පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි දුරකථන සංඥා කුළුණකට නැඟ පුද්ගලයෙක් විරෝධතාවයක නිරතවනවා.
සිය පෞද්ගලික ඉල්ලීමක් මුල් කරගනිමින් එම පුද්ගලයා මෙලෙස කුළුණට නැඟ විරෝධතවයේ නියැලෙන බවයි තොරතුරු වාර්තා වුණේ.
අදාළ පුද්ගලයා එම කුළුණෙන් බිමට බස්සවා ගැනීමට පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් කිහිපවරක්ම උත්සාහ කර ඇති අතර, එම උත්සාහයන් ව්‍යාර්ථ වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.










