පසුගියදා හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ රථගාලයේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියේ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව එය විභාගය සඳහා දින නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළා.
එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියම කර සිටියා.










