දිවුලපිටියේ ගින්නෙන් විනාශවූ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.
පසුගිය දින ඇති වූ දිවුලපිටිය වැව ගෙදර ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ගොඩනැගිල්ලේ හටගත් ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශවී ගියා.
එපමණක් නොව, වැවගෙදර ප්‍රදේශයේ නිවාසවල මෙන්ම වතුපිටිවල ද ගින්නෙන් විනාශවී ගිය ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය කැළිකසළ හා එහි අළු පතිත වී තිබෙනවා.
එවන් වාතාවරණයක එම ප්‍රදේශයට අද දින ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය ගිනිගැනීමේ හේතුවෙන් තමන්ගේ ළිං වලට මෙන්ම භූගත ජලයද අපවිත්‍ර වී තිබෙන බවට පැමිණීලි කිරීමත් සමගම නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ප්‍රකාශය අනුමත නොකර කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළා.
එහිදී වැව ගෙදර ප්‍රදේශවාසීන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගත් බවක්ද දක්නට ලැබුණා.










