සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (09) නියෝග කළා.
දින 180ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
රැඳවුම් නියෝග කාලසීමාව අවසන් වීමෙන් පසු සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බවත්, ඔහු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් එහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.
