යාපනය – ඩෙල්ෆ්ට් (නෙඩුන්තීව්) දූපතේ වෙසෙන ජනතාව දිර්ගැහැ කලයක්ල් තිස්සේ මුහුණදුන් ගැටළුවක් පැවති, ඉන්ධන පිරවුම්හලක් නොමැති වීමට විසදුම් ලෙස ඩෙල්ෆ්ට් දූපතේ නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකරනු ලැබුවා.
අදාළ ඉන්ධන පිරවුම්හල සඳහා ඉන්ධන ප්රවාහනය කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙනවා.
ඉන්ධන බවුසර් රථ දෙකකින් රැගෙන ආ ඉන්ධන තොගය, යාපනය කන්කසන්තුරේ ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් නෞකාවක් මගින් ඉතා ආරක්ෂිතව ඩෙල්ෆ්ට් දූපත වෙත ප්රවාහනය කර තිබුණා.
එලෙස රැගෙන ගිය ඉන්ධන, අභිනවයෙන් ඉදිකරන ලද ඉන්ධන පිරවුම්හල වෙත සාර්ථකව ගොඩබෑමට කටයුතු කරනු ලැබුවා.
ඩෙල්ෆ්ට් ජනතාව දිගු කලක් පුරා මුහුණ දුන් ප්රධානතම ගැටලුවක් වූයේ
ඉන්ධන ලබා ගැනීම සඳහා දූපතේ සිට කුරිකට්ටුවාන් ඇතුළු ප්රදේශ වෙත යාමට සිදුවීම, ඩෙල්ෆ්ට් ජනතාව දිගු කලක් පුරා මුහුණ දුන් ප්රධානතම ගැටලුවක්.
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මාසයේ පැවති කුරිකට්ටුවාන් ජැටිය සංවර්ධනය කිරීමේ අවස්ථාවේදී ඩෙල්ෆ්ට් දූපතේ ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබුණා.
අනතුරුව, 2026 වසරේ ජූලි මාසයේදී ඒ සඳහා මුල්ගල් තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා.










