දික්ඕවිට වරායට රැගෙන ආ යාත්‍රාවේ බිලියන 03ක හෙරොයින් – මත්ද්‍රව්‍ය සමඟ තවත් යාත්‍රාවක් බේරුවල මුහුදු සීමාවේදී අල්ලයි

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

අදාළ බහුදින ධීවර යාත්‍රාව එහි සිටි සැකකරුවන් පස්දෙනා ද සමඟ අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවකින් අනතුරු මේ බව අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව අදාළ යාත්‍රාව තුළ තිබී රුපියල් බිලියන 3කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය මෙලෙස හමුව තිබෙනවා.

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී අදාළ බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය උර 06ක් ද සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

මේ අතර බේරුවල මුහුදු සීමාවේදී ද තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවත් එම යාත්‍රාව ද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16