spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දහසකුත් සිහින හිත දරාගෙන මෙරටින් පිටව යන අපේ යෞවනයෝ

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (27 වැනිදා) ප.ව. 5.00 ට දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ගල්ෆ් එයාර් ගුවන් සේවයට අයත් ජීඑෆ් 145 ගුවන් යානයෙන් බහරේන් බලා පිටත් වන ශී‍්‍ර ලංකා පැරා කණ්ඩායම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විතය.

බහරේන් රාජ්‍යයේ මනමා නගරයේදී ලබන 02 වැනිදා ආරම්භ වන ආසියානු පැරා තරගාවලිය ලබන 06 වැනිදා නිමාවට පත් වේ.

මලල කී‍්‍රඩා ඇතුළු කී‍්‍රඩා ඉසව් 9 කින් යුත් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් පුහුණුකරුවන් සහ නිලධාරීන් 8 දෙනකු සහභාගි වෙති. කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස ජාතික පැරාලිම්පික් කමිටු උප සභාපති පි‍්‍රයන්ත පීරිස් මහතා සහභාගි වේ.

පිහිනුම් කී‍්‍රඩක නවීඞ් රහිම් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සමාරම්භක උළෙලේදී ජාතික ධජය රැුගෙන යෑමට නියමිතය. රටවල් 39 කින් පැරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 800 ක පමණ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වේ. වයස අවුරුදු 20 ට පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලිය නියෝජනය කරති.

ශී‍්‍ර ලංකා කණ්ඩායම

ජනනි ධනංජනා, සහරාන් මහම්මදු, ජේසන් ජයවර්ධන, රවිඳු චිරන්ජය, පන්සිළු පසන්, නවීඞ් රහිම්, ශාලිනා බස්නායක, ඉසුරු හංසක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?