දමිතා අබේරත්න සජිත්ගේ වේදිකාවට (වීඩියෝ)

පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අරගලයේ ක්‍රියාකාරිනියක සහ ජනප්‍රිය රංගන ශිල්පිණියක වන දමිතා අබේරත්න සිය සහාය ලබා දී තිබෙනවා.

ඊයේ (22) පොළොන්නරුවේ දී සමගි ජන බලවේගයේ ජන රැළියක් අමතමින් දමිතා අබේරත්න කියා සිටියේ ජාතියේ යහපත වෙනුවෙන් තමන් මෙම පක්ෂය සමඟ අත්වැල් බැඳගන්නා බවයි.

“මගේ ජීවිතයේ පළමු වතාවට මම අද දේශපාලන වේදිකාවකට ඇවිත් ඉන්නවා. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේ රට වෙනුවෙන්. මේ රට බේර ගන්න ඕන කියන හැඟීම නිසා, මේ රටේ මිනිස්සුන්ගේ හුස්ම ටික මේ රටේ මිනිස්සුන්ගේ හිත්වලට සැනසීම දෙන්න ඕන කියන හැඟීම නිසා”

සජිත් ප්‍රේමදාස යන නමට ඇතැමුන් බියෙන් පසුවන බව ප්‍රකාශ කළ දමිතා අබේරත්න කියා සිටියේ අවංක මිනිසකුට මිනිසුන් බිය විය යුතු බවයි.

අරගලය ජනතා ව්‍යාපාරය පැවැත්වූයේ දූෂිත දේශපාලඥයින් ඉවත් කිරීම සඳහා වන අතර තවත් දූෂිතයින් කිහිප දෙනෙකු දැන් බලයේ සිටින බවත් ජාතිය මුළුමනින්ම බේරා ගැනීමට ඔවුන් ඉවත් කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
2
හරි හිනා !
5
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?