දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධන කෙටුම්පත ගැසට් කිරීමට අවසර

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශාරීරික දඬුවම් මගින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙන බවයි කැබිනට් සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

එබැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මගින් හිංසනයට ලක්කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නැහැ.

එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17