Empty Ad
AFC Banner
Empty Ad

දඩයම් කිරීමට තහනම් සත්ත්වයෙකු මැරූ තිදෙනෙකුට වැඩ වරදියි

නීතිවිරෝධී ලෙස ගෝන මස් විකිණීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (26) දහවල් අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව – ඕමන්ත, කොන්දකාරකුලම් රක්ෂිතයේ දියි.

සැකකරුවන් විසින් ගෝනෙකු ඝාතනය කර; මස් කර රැගෙන යමින් සිටියදී ගෝන මස් කිලෝග්‍රෑම් 60ක් සමග අත්අඩංගුවට ගැනුණා.

මෙම වැටලීම වවුනියාව – පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සිදු කරනු ලැබුවා.

සැකකරුවන් විසින් දැඩි ආරක්ෂිත සත්ත්වයෙකු ලෙස නම්කර ඇති ගෝනා මද්දක් අටවා අල්ලාගෙන ඇති අතර එම මාංශ වවුනියාව ප්‍රදේශයේ හෝටල් වෙත අලෙවි කිරීමට සුදානම් ව සිටි බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මස් කිලෝවක් රුපියල් 1500ත් 2000 අතර මුදලකට අලෙවි කරන බවත් සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් වවුනියාව සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 55 අතර වයසේ පසුවන්නන්.

සැකකරුවන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා වවුනියාව වනජීවි කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
88 - 89 අඳුරු අතීතය නිලයටම අල්ලලා කිව්ව කතාවක්
08:29
Video thumbnail
නලීන් - සුනිල් එළියට දාන ලැයිස්තුවල ඇත්ත නැත්ත රෝහණ කියයි
09:19
Video thumbnail
ඇමති විජිත ට්‍රැවල් ඒජන්සිවලින් ඩිනර් පාටි අරං booking.com එකට බදු ගහන්න යනවා
21:49
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
00:44
Video thumbnail
මේ හොර දොස්තරලා අල්ලලා පෙන්නන්න සෞඛ්‍ය ඇමතිට දසත අපි අභියෝග කරනවා - Dasatha Search Light
09:23
Video thumbnail
ගල්පාතෙන් හමු වූ නාදුනන කාන්තා මළ සිරුර
01:37
Video thumbnail
දේශබන්දුට ගෙවල් 08ක් තියෙනවා හරක් කටාට වඩා දේශබන්දු අපරාධකාරයෙක්
02:05
Video thumbnail
ගොල්ෆේස් ගිහින් පොර ටෝක් දුන්නේ
00:38
Video thumbnail
අහං හිටපු හැමෝගෙම ඇස් කඳුළින් තෙත් කළ පොලිස් මහත්තයා කියපු සංවේදී කතාව - මනුදම් තක්සලාව
01:42:24
Video thumbnail
මහා දවල්ට කඩේට පැනලා ලක්ෂ 3කට විදපු රුවන්වැල්ලේ අක්කගේ සෙල්ලම මාට්ටු
01:46

?