තුන්කොන් තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සහභාගී වූ තුන්කොන් එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පරාජය කරමින්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන් මෙම තරගය ජය ගත්තේ ලකුණු 97කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 342ක් කඩුලු 07ක් පමණක් දැවී රැස් කළා.

ලකුණු 343ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 48යි පන්දු 02ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 245ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ඉන්දීය ක්‍රීඩිකාවන් ලකුණු 97කින් ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?