තීන්ත කර්මාන්ත ශාලාවක ගින්නක්

ඊයේ (29) රාත්‍රීයේ පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයේ පානදුර උතුර පරත්ත පාර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් තීන්ත කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ආකාරය දැකගන්නට ලැබුණා.

නිවාස රැසක් ඇති මෙම ප්‍රදේශයේ පිහිටි ගිනිගැනීමට ලක් වූ මෙම කර්මාන්ත ශාලාවේ ගින්න පාලනයට මොරටුව මහ නගර සභාවේ ගිනිවීම් රථ තුනක් පැමිණ කටයුතු කළා.

ගිනිගැනීමට ලක් වූ කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින්, ප්‍රදේශවාසීන් දැඩි උත්සාහයක නිරත වූ අතර පානදුර උතුර පොලිසිය ද ඊට සහයෝගය ලබා දුන්නා.

මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ පිළිබඳව පානදුර උතුර පොලිසිය සහ මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14