තාලඩිවැල්ල වෙරළේ නාඳුනන මෘත ශරීරයක්

හලාවත පොලිස් වසමේ තාලඩිවැල්ල වෙරළ තීරයේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් හලාවත පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (09) රාත්‍රියේ ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුර සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

වයස අවුරුදු 40 ක් පමණ වන උස අඩි 05 අඟල් 06 ක් වූ තළෙළු කෙට්ටු සාමාන්‍ය සිරුරක් ඇති, කොණ්ඩය කොටට කපා ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් සිටින පුද්ගලයා රතු පැහැති කොට කලිසමක් හැඳ සිට ඇති අත,ර දකුණු අතෙහි බාහුවෙහි හඳුනාගැනීමට නොහැකි පච්චයක් කොටා තිබෙනවා.

මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42