තායිවාන ප්‍රදේශ අවිකරණය කිරීම භයානක තත්ත්වයක් – චීනයෙන් අමෙරිකාවට දොස්

අමෙරිකාව 2025 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට පසුගියදා අත්සන් කරනු ලැබුවේ, එරට හමුදා අයවැය අමෙරිකානු ඩොලර් බිලියන 895ක අගයක් දක්වා ඉහළ නංවමින් පිහිට වූ ඓතිහාසික වාර්තාවක් ද සමගින්.

එලෙස හමුදා අයවැය විශාල වශයෙන් ඉහළ නැංවීම සඳහා තාර්කික බවක් නිර්මාණය කිරීම වෙනුවෙන්, අදාළ පනත හරහා “චීන තර්ජනය” අතිශයෝක්තියට නංවා ඇති බවත්, ඒ හරහා චීනයේ තායිවාන ප්‍රදේශයට මිලිටරි සහාය දීම ද සඳහන් කර ඇති බවටත් චීනය චෝදනා කරනවා.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙවුණු මාසය තුළ, ඇමරිකාව විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පෙන්වා දෙන චීනය පවසන්නේ, අවස්ථා කිහිපයකදී ඇමරිකාව තායිවාන ප්‍රදේශයට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 385ක අවි විකිණීම අනුමත කිරීම, ඩොලර් මිලියන 571.3 ක් වටිනා මිලිටරි ආධාර ලබාදීම ප්‍රකාශ කිරීම සහ ඩොලර් මිලියන 295ක ආයුධ විකිණීම අනුමත කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවයි.

ඇමරිකාවේ අවි වෙළඳාම වේගවත් කිරීම සඳහා වන පීඩනයට එරට රජය උපරිමයෙන් ප්‍රතිචාර දැක්වීම ඊට හේතුවක් බව බොහෝ විශේෂඥයින් පෙන්වා දී ඇතැයි ද චීනය පෙන්වා දෙනවා.

එමෙන්ම චීන-ඇමරිකා සබඳතාව හැසිරවීමේ දී මීළඟ රජයට යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීම ද තවත් හේතුවක් ලෙස පෙන්නුම් කෙරෙන්නක් බව චීනයේ අදහසයි.

කෙසේ වෙතත්, අමෙරිකාවේ මෙවැනි ක්‍රියාමාර්ග තායිවාන වැසියන් අධික පීඩනයකට ලක් කරමින් ඔවුන් වඩාත් භයානක තත්ත්වයකට තල්ලු කරයි ද යන්න සම්බන්ධයෙන් ඇමරිකා රජය කිසිසේත්ම නොසලකන්නක් බව චීනය පෙන්වා දෙනවා.

හේතුව කුමක් වුවත්, ඇමරිකාවේ මෑත කාලීන ක්‍රියාවන්, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවට ද චීනය චෝදනා කරනවා.

ඇමරිකාව පවසා ඇති පරිදි, තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වය අවංකව බලාපොරොත්තු වන්නේ නම්, ඇමරිකාව තායිවාන ප්‍රශ්නය ඉතා ප්‍රවේශමෙන් හැසිරවිය යුතු අතර, චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන හා චීනයට කළ දේශපාලන පොරොන්දුව අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදයට ස්ථීර ලෙස විරුද්ධ විය යුතු බවටයි චීනය අවධාරණය කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12
Video thumbnail
සාමය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් උපහාර
02:33
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:07
Video thumbnail
අජිත් - වටගල පාර්ලිමේන්තුවේ පැටලෙයි..මත්ද්‍රව්‍ය ජාලයේ ඉන්න මිනිස්සු බදාගත්තේ නෑ අපි
05:34
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24