තායිවානය පිළිගැනීම වෙනුවෙන් රටවල් කිහිපයක් හඬ නගයි

තායිවානයේ රාජ්‍ය තාන්ත්‍රික හවුල්කරුවන් වන පැරගුවේ, මාෂල් දූපත් සහ පලාවු – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරයේ දී තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් තුනේ ඉහළ නායකත්වය තායිවානයේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය සඳහා ඔවුන්ගේ සහයෝගය ප්‍රදර්ශනය කළ අතර එක්සත් ජාතීන්ගේ සැසියේදී ඒ සඳහා පෙළ ගැසුණු බව මාධ්‍ය වාර්තා කළා.

පැරගුවේ ජනාධිපතිවරයා සිය දේශනයේ දී සැලකිය යුතු ජාත්‍යන්තර සංසදවලින් බැහැර කර ඇති රටවල් ඇතුළත් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.

තායිවානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් බැහැර කිරීම නොසලකා හැරිය නොහැකි “අසාධාරණයක්” බව ඔහු පෙන්වා දී තිබෙනවා.

“ජාත්‍යන්තර ප්‍රජාවට ඔවුන්ගේ දායකත්වය පිළිගත යුතුයි. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොටසක් විය යුතු සහ තවමත් එසේ නොවන රටක් තිබේ නම්, ඒ තායිවානය බවයි ඔහු පවසා ඇත්තේ.

පලාවු ජනරජයේ උප සභාපතිවරයා තායිවානය සමඟ තම රටෙහි ශක්තිමත් සහ කල් පවත්නා සබඳතාව යළි තහවුරු කළ අතර ජාත්‍යන්තර සංවිධානවල අර්ථවත් සහභාගීත්වය ඉල්ලා සිටියා.

එක්සත් ජාතීන්ගේ මහා සභා යෝජනාවක් වන තිරසාර සංවර්ධන ඉලක්ක සම්බන්ධ ප්‍රයත්නයන් සඳහා තායිවානයේ මැදිහත්වීම වැළැක්විය නොහැකි අතර, තායිවානය නීත්‍යානුකූලව සංවිධානයට ඇතුළත් කිරීමට සහාය දෙන ලෙස ඇය සාමාජික රටවලින් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57