තායිවානයේ විශාලතම හමුදා අභ්‍යාසය චීන තර්ජනය මධ්‍යයේ කැඳවෙයි

තායිවානය සිය හමුදා අභ්‍යාස පුළුල් කිරීම ආරම්භ කර තිබෙනවා.

චීන තර්ජන මධ්‍යයේ තායිවානය නාගරික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කරමින් හැන් කුවාං හමුදා කණ්ඩ දියුණු කිරීමට උපදෙස් දී ඇති බවයි.

තායිවානයේ විශාලතම වාර්ෂික හමුදා අභ්‍යාසය වන හැන් කුවාං අභ්‍යාසය ලෝකයේ වැඩි අවධානයක් දිනාගත් මිලිටරි අභ්‍යාසකරණයක් ලෙස හැඳින්වෙනවා.

යුරෝපය සහ බටහිර ආසියාවෙන් පසු, ඉන්දු-පැසිෆික් කලාපයේ ආතතීන් වර්ධනය වෙමින් පවතින අතරතුරදීයි තායිවානය හමුදා අභ්‍යාස ආරම්භ කර ඇත්තේ.

චීනයේ වැඩිවන හමුදා ක්‍රියාකාරකම් මධ්‍යයේ, තායිවානය මෙතෙක් සිදු වූ විශාලතම සංචිත හමුදා කැඳවීම සමඟ හමුදා අභ්‍යාස දියත් කිරීමට සූදානම් වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2024 දී 14,647 ක් වූ සංචිත භටයින් 22,000 ක් දක්වාත්, ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත තායිවානයේ විශාලතම වාර්ෂික හමුදා අභ්‍යාසය වන හැන් කුවැන්ග් අභ්‍යාසවලට සහභාගී වීමට කැඳවනු ලබන බව තායිවාන ආරක්ෂක අමාත්‍ය වෙලින්ටන් කූ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

“අපගේ ප්‍රධාන අරමුණ වන්නේ සංචිත බලකායක් කැඳවීමෙන් පසු සම්පූර්ණ සටන් හැකියාව නැවත ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න සත්‍යාපනය කිරීමයි” වාර්තා වනවා.

රටේ සෑම අවුරුදු 19 ක පිරිමි පුරවැසියෙකුම අනිවාර්ය හමුදා සේවයක් හෝ ඒ හා සමාන සිවිල් සේවයක් වසරක් සම්පූර්ණ කළ යුතු වනවා.

ඔවුන්ගේ වසරක සේවා කාලය අවසන් වූ පසු ඔවුන් සංචිත භටයින් ලෙස ලැයිස්තුගත කර ඇති අතර, ඔවුන් නිදහස් කරන තෙක් ඔවුන් දිගටම කැඳවනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42